තවත්
    මුල් පිටුවදේශීය පුවත්කැන්ඩි වොරියස් හමුවේ සොෆ්ට්ලොජික් කළම්බෝ ස්ටාර්ස් ජවය පෙන්වයි

    කැන්ඩි වොරියස් හමුවේ සොෆ්ට්ලොජික් කළම්බෝ ස්ටාර්ස් ජවය පෙන්වයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද රාත්‍රි යේ පැවති 15වැනි තරගයෙන් කැන්ඩි වොරියස් කණ්ඩායම පරදා සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 5ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

    පන්දු හයක දී ලකුණු 32ක් ලබා ගත් සීකුගේ ප්‍රසන්න සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් ජවය පෙන්වමින් පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින් ජයග්‍රහණය සොයා යාම විශේෂත්වයකි.

    පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි වොරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.

    ජයග්‍රහණය හඹා ගිය සොෆ්ට්ලොජික් කොළම්බො කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවෙමින් පන්දු 27කදී ලකුණු 44 ලබාගත් දිනේෂ් චන්දිමාල් සහ තමන් මුහුණ දුන් පන්දු 6න් පන්දු 5කටම හයේ පහර 5ක් එල්ල කළ සීකුගේ ප්‍රසන්න කැන්ඩි වොරියස් කණ්ඩායමේ බලාපොරොත්තු සුනු විසුණු කළේය.

    තරගයේ වීරයා සම්මානය සීකුගේ ප්‍රසන්නට හිමිවිය.

    KW 146/9 (20)
    CS 150/5 (19.4)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img