fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංජා වවන්න අවසර දුන් මුල්ම යුරෝපා රට මෙන්න..

    ගංජා වවන්න අවසර දුන් මුල්ම යුරෝපා රට මෙන්න..

    ගංජා වගා කිරීමට අවසර ලබා දුන් පළමු යුරෝප බවට මෝල්ටාව පත්වීමට නියමිත බවට වාර්තාවේ.

    ඒ අනුව ගංජා වගා කිරීම සහ පරිභෝජනය කිරීමට අවසර ලබාදීමට අදාල පනත මොල්ටා පාර්ලිමේන්තුවට මෙම සතිය තුල ඉදිරිපත්ව බලාත්මක වීමට නියමිත බවද වොෂින්ටන් පොස්ට් පුවත් පත සඳහන් කරයි.

    ඒ අනුව වයස අවුරුදු 18 වැඩි පුද්ගලයෙකු හට ග්‍රෑම හතක් දක්වා වූ ගංජා ලඟ තබා ගැනීමටත් එක් නිවසක ගංජා පැල හතරක් වගා කිරීමටත් මෙම නව නීතිය මඟන් අවසර හිමවනු ඇති බවට වාර්තාවේ.
    මෝල්ටාවට අතිරේකව ජර්මනියේ නව රජය විසින්ද ගංජා භාවිතයට අවසර ලබාදෙන බවට මේවන විට සඳහන් කර ඇත.

    ලොව මුල් වරට උරුගුව විසින් ගංජා වගා කිරීමට 2013 වර්ෂයේදී අවසර ලබා දෙනු ලැබීය.
    යුරොපා සංගමය තුල ගංජා අලෙවි කිරීමට මුල් වරට නෙදර්ලන්ය අවසර ලබා දුන්නද ගංජා වගා කිරීමට අවසර හිමි නොවීය.

    මේ අතර ඇමරිකාවේ ඇතැම් ප්‍රන්ත ගංජා සම්බන්ධ වූ නීති ලිහිල් කරමින් අලෙවියට සහ ලඟ තබා ගැනීමට අවසර දෙන ලැබීය. කෙසේ වෙතත් ඇමරිකාවේ ෆෙඩරල් නීතීන්ට අනුව තවමත් ගංජා ලඟ තබා ගැනීම වරදක් ලෙසට සැලකේ.

    එසේම පසු ගිය කාලයේදී කැනඩාව සහ මොරොක්කොවද ගංජා සම්බන්ධයෙන් වූ නීති රිති ලිහිල් කිරීමට පියවර ගනු ලැබීය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.