අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට අද නියෝගයක් කර තිබේ.
ඒ ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව හෙට (15) අධිකරණය වෙත දැනුම් දෙන ලෙසයි.
ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
එම රිට් පෙත්සම අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් එම කල් ලබාදීම සිදුවිය.
පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණ.
ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සහ එම සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව සහ දැනට වෙළෙඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේදැයි එහිදී විනිසුරු මඩුල්ල විමසා සිටියේය.
එම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා අධිකරණයට දන්වා සිටියේ, මේ පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙසය.
ඒ අනුව අදාළ පෙත්සම හෙට දින යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.