තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිපිරුනු ගෑස්වලින් හානි වූ වින්දිතයින්ට සජබෙන් නීතිඥ සහය නොමිලේ

    පිපිරුනු ගෑස්වලින් හානි වූ වින්දිතයින්ට සජබෙන් නීතිඥ සහය නොමිලේ

    රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ප්‍රමිතියක් නැති ආණ්ඩුවක් තියෙන රටකින් ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්නට බැරි බවත් කළයුත්තේ ප්‍රමිතිය නැති පාලනය ඉවත් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    බාල ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන් අද වන විට රට මහා විනාශයකට තල්ලු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ආර්ථිකයත් ගොවි ජනතාවගේ ජීවිතත් ආණ්ඩුව විසින් අනතුරකට හෙළා ඇතැයිද පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img