තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොර කෑන් පුපුරන්න හේතුව

    පොහොර කෑන් පුපුරන්න හේතුව

    කාබනික දියර පොහොර සත්ව කොටස් ආශ්‍රයෙන් නිපදවීම නිසා එම පොහොර කෑන් පුපුරායෑම සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චන්දන ලොකුහේවගේ මහතා පවසයි.

    සත්ව කොටස් අඩංගු මෙම පොහොර කෑන් තුළ ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරකම් නිසා වායුවක් නිපදවෙන බවත් එනිසා පොහොර කෑන් ඉදිමීමට ලක්ව පුපුරා යෑම හෝ දියර පොහොර කාන්දුවීමක් සිදුවන බවද ඔහු පැවසීය.

    එමෙන්ම දේශගුණික බලපෑම්, පොහොර කෑන් ප්‍රවාහනය හා අවිධිමත් ගබඩා කිරීම් නිසාවෙන්ද කාබනික දියර පොහොර කෑන් පුපුරා යෑම සිදුවන බවද ඔහු සදහන් කළේය.

    මෙම පොහොර කෑන් පුපුරායෑම නිසා පරිසර හානි සිදු නොවන බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.

    කෙසේවෙතත් පොහොර කෑන් පුපුරා යෑම සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img