තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංහරාජයේ අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනා සොයාගැනේ

    සිංහරාජයේ අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනා සොයාගැනේ

    සිංහරාජ වනාන්තරයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගොස් අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනාව සොයා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

    දෙනියාය විහාරහේන ප්‍රදේශයේ රැදී සිටියදී ඔවුන් දෙදෙනාව හමුවූ බව වන සංරක්ෂණ නිලධාරීන් සදහන් කරයි.

    මෙම කාන්තාවන් දෙදෙනා අතුරුදන් වන්නේ ඉකුත් 12 වෙනිදා සිටය.

    මෙසේ අතුරුදන් වූයේ වයස අවුරුදු ඉත්තකන්දෙස් දෙබරන් සයිඩ් හී පදිංචිව සිටින 39 හා 40 හැවරිදි කාන්තාවන් දෙදෙනෙකි.

    දැඩි මීදුම හේතුවෙන් තමන්ට මඟ වැරදුණු බව අතරමංවූ කාන්තාන් දෙදෙනා සදහන් කර ඇත.

    තමන් කැළෑව ඇතුලට ගොස් ඇති බවත් පසුව වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දෙණියාය ප්‍රදේශයෙන් මතුවූ බවත් ඔවුන් වන සංරක්ෂණ නිලධාරීන්ට පවසා ඇත.

    රාත්‍රී දෙකක්ම ඔවුන් ගතකර ඇත්තේ වනාන්තරයේ ගස් ගල් යටය. ගස් ගෙඩි සහ කොළ වර්ග ආහාරයට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img