තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා ලංවිම සේවකයෝ හෙට කොළඹට

    රටපුරා ලංවිම සේවකයෝ හෙට කොළඹට

    ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තිය සමිති 13ක සේවක සේවිකාවෝ හෙට (14) ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

    ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ අවනීතික දූෂිත හා අත්තනෝමතික ක්‍රියා කලා ඵලයන්ට විරෝධය දැක්වීම සඳහා එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ලංකා විදුලි පොදු සේවක සංගමය සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම ප්‍රවාහන සේවක සංගමය, ලංවිම කාර්යාල සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 13ක සේවක සේවිකාවෝ හෙට ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ ලංවිම මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවද මාලක වික්‍රමසිංහ මහතා පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හා පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය සමිති විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන්න කරන සාධනීය යෝජනා පාලනාධිකාරිය නොසලකා හැර ඇතැයි ද ඊට විරෝධය දැක්වීමේ පළමු ක්‍රියා මාර්ගය ලෙස මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවද මාලක වික්‍රමසිංහ මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img