fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් දීලා රුපියල් ගත්තොත් ලැබෙන වාසි මෙන්න..

    ඩොලර් දීලා රුපියල් ගත්තොත් ලැබෙන වාසි මෙන්න..

    කිසියම් ශ්‍රී ලාංකිකයකු සතු ව ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් රටක විදේශ මුදල් තිබේ නම් ඒවාට වැඩි රුපියල් වටිනාකමක් ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් 15000ක් හෝ වෙනත් විදේශ රටවල මුදල් එම වටිනාකමට සමාන ලෙස තිබේ නම් ඒවා ඕනෑම බැංකු ශාඛාවකට ලබාදී ඩොලර් එකට වැඩිපුර රුපියල් 210 බැගින් ශ්‍රී ලංකා රුපියල් ලබා ගත හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    විදේශ සංචාරයක් සදහා නිරත වීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල් බවට පරිවර්තනය කළ ඒවායේ ඉතිරිව තිබෙන මුදල් හෝ දේශ රටවලින් රැකියාවල් කර මෙරට මෙරටට රැගෙන ආ විදේශ මුදල් හෝ වෙනත් ක්‍රමයකින් තමන් සතුව තිබෙන විදේශ මුදල් ලෙස ශ්‍රී ලෙස ශ්‍රී ලංකා රුපියල් පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 15000ක් හෝ ඊට වැඩිපුර තිබෙන ඕනෑම විදේශ මුදල් වර්ගයක් ලංකාවේ පිහිටි ඕනෑම බැංකුවකට ලබාදීමෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 210 බැගින් වැඩිපුර රුපියල් දහයක මුදලක් ලබා දිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.