තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුතූර්හිදී පිපිරීමකින් දරුවකු මරුට

    මුතූර්හිදී පිපිරීමකින් දරුවකු මරුට

    මුතූර් තෝපූර් ප්‍රදේශයේදී අද (12) සිදු වූ පිපිරීමකින් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

    නිවසෙහි ඇති කරන එලුවන්ට ආහාර සොයා අසල පිහිටි පාලු ඉඩමකට ගොස් ගස්වල අතු කපමින් සිටියදී අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන් ය.

    ඉඩමේ තිබූ යමක් පුපුරා ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දරුවා තෝපූර් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    මූතූර් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img