තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදත් විදුලි කප්පාදුවක්

    අදත් විදුලි කප්පාදුවක්

    නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේත් විදුලිය විසන්ධි වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    පවතින විදුලි ඉල්ලුම අනුව අද සවස 6න් පසු විනාඩි 30ක විදුලි කප්පාදුවක් රටේ සමහර ප්‍රදේශවලට බලාපොරොත්තු විය හැකි බව එම මණ්ඩලය කියාසිටී.

    නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බැවින් නැවත විදුලි කප්පාදුවක් සිදු නොවන බවට විදුලිබල අමාත්‍යවරයා පසුගියදා සහතික වුවද ඊයේ රටේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදු සිදුවිය.

    අද සවස 6 සිට රාත්‍රී 9:30 දක්වා ප්‍රදේශ කිහිපයකට මිනිත්තු 30 ක විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය කියා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img