fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොරෝනා නීතිවලට එරෙහිව සිව්වන සතියටත් වියානාහී විරෝධතා

    කොරෝනා නීතිවලට එරෙහිව සිව්වන සතියටත් වියානාහී විරෝධතා

    ඔස්ටි්‍රයා රජය පැනවූ සංචරණ සීමාවන්ට එරෙහිව සිව්වන සතියටත් එරට අගනගර වූ වියානා වෙත දහස් ගණනක ජනකායක් රැස්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.

    යුරෝපා කාලපය පුරා කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් එන්නත් මාත්‍රා දෙකම ලබානොගත් පුද්ගලයින් සඳහා සංචරණ සීමා පැනවීමට ඔස්ටි්‍රයාව පියවර ගනු ලැබීය.

    ඊට අමතරව ඔස්ටි්‍රයානු රජය විසින් එළෑඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමටද තීරණය කරනු ලැබීය.
    රජයේ මෙම තීරණ වලට එරෙහිව ඔස්ටි්‍රයාව පුරා විශාල විරෝධතා රැලි සංවිධානය වූ අතර ඇතැම් අවස්ථාවල එම රැලි ගැටුම් දක්වා වර්ධනය වූ අවස්ථාවන්ද වාර්තා විය.

    ඒ අනුව මේවන විට හතලිස් හතරදහසකට අධික පිරිසක් වියානා නගරයට රැස්ව සිය විරෝධතාව දක්වමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔස්ටි්‍රයාවේ ජනගහනයෙන් මේවන විට සියයට 68ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබේ.

    ලක්ෂ 89ක් පමණ ජීවත්වන ඔස්ටි්‍රයාවේ ලක්ෂ දොලහකට අධික පිරිසකට මේවන විට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වන අතර ඉන් දහතුන් දහසක් පමණ මරණයටද පත්ව ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.