තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ලේ ආබරණ කොල්ලෑ වෙඩික්කරුවෝ සොයන්න පොලිස් කණ්ඩායම් 5ක්

    බොරැල්ලේ ආබරණ කොල්ලෑ වෙඩික්කරුවෝ සොයන්න පොලිස් කණ්ඩායම් 5ක්

    බොරැල්ල නගරයේ දී ඊයේ (11) ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වයි.

    ඊයේ (11) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයක් පෙන්වා සේවකයින් බිය ගන්වා පාරිභෝගිකයින් බිය ගන්වා අහසට වෙඩි තබා ස්වර්ණාභරණ කොල්ලකා පළා ගොස් තිබුණි.

    කොල්ලකරුවන් ස්වර්ණාභරණ සහිත පෙට්ටි පහක් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

    කෙසේ වෙතත් සොරාගත් ස්වර්ණාභරණවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img