තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝරා නායකයා ජනපති-අගමැති හමුවී කී දේ..

    බෝරා නායකයා ජනපති-අගමැති හමුවී කී දේ..

    බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල්‌ සෙයිබුද්දීන්‌ සහබ්තුමා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

    සහබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ මීරිහානේ පිහිටි නිවසේ දී සිදුවිය.

    සහබ්තුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දී ය.

    මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත්‌ ජනපදය,
    එක්සත්‌ රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල්‌ ගණනාවක වාසය කරති.

    තමා ඉතා ඇලුම්‌ කරන රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත්‌ සිය
    අනුගාමිකයන්‌ සමග මෙරටට පැමිණෙන බව සෙයිටුද්දීන්‌ සහෙබ්තුමා මෙම සාකච්ඡාවලදී සඳහන්‌ කර ඇත.

    රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක්‌ කළ සහබ්තුමා ග්‍රී ලංකාවේ දියුණුව තමාගේ ද අපේක්ෂාව බව පැවසීය.

    කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිබුද්දීන්‌ සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කර තිබේ.

    මෙරට ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදුකරමින්‌ බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img