fbpx
තවත්
    මුල් පිටුවspecial"බෝතල් කරලා නොවික්කාට ආදරය කියන්නෙත් එක්තරා මතක්"- සී+

    “බෝතල් කරලා නොවික්කාට ආදරය කියන්නෙත් එක්තරා මතක්”- සී+

    සටහන – මාරියෝ වික්‍රමාරච්චි

    සී+

    සමහරු ඉන්නවා ජීවිතයෙන් , ප්‍රශ්නවලින් පළායන්න පොත් කියවන. මාත් ඒ සමහරු කුලකයේ.

    විවිධ කාලවල ( රජ කාල වගේ නම් දිරවන්නෙ නෑ) ජීවත් වුණු චරිත වල , මුං මේ කාලෙ හිටියනම් තනිකරම අපේ මූ ( මම හඳුනන කවුරුහරි) නේද? කියල හිතෙන්න ලියැවුණු කථා මට hit වෙනවා.

    ගොඩනගන පරිසරයට වඩා චරිත තුළින් කථාව රස විඳින මට සී+ අමුතුම කියවීමක්.

    භාශා ශෛලියෙ තියෙනවා මේ අපේ කාලෙ ජීවත් වෙන කැම්පස් ගියපු කෙල්ලක්ම තමා මේ කතා කරන්නෙ කියන ගතිය.

    කුණුහරුපෙ වුනත් හිරිකිතක් හිතෙන්න නැතිවෙන්න , නමුත් බොරු බර වචන වලින් වහන්නෙ නැතුව ලියන්න ඕනෙ කොහොමද කියල ඉගෙන ගන්න කෙනෙක්ට මේක කියවන්න වටිනවා.

    ආලය දිරුවත් දිරන්නෙ නැති ටොපි කොළ ගැන මොරටුවෙ ගීත් හා දිව්‍යා ගෙන් කියාදුන්නු සුරත්මේ සැරේ පොත් කියවීම ගැන අපට කියා දෙන්නෙ මෙහෙම ;
    මනුස්ස ජීවිත හරියට පොත් වගේ. මිනිස්සු ආසම අනික් එකාගෙ පොත කියවන්න. එක්කො කවරෙ බලලා, නැත්තම් පෙර පසු වදන් බලල, එහෙමත් නැත්තම් වෙන එකෙක් දුන්නු විචාරයක් බලලා අපිට ඕන විදිහට අපි පොත තේරුම් ගන්නවා.
    මේ බහුතරය අතරෙ අතළොස්සක් පොත ගැඹුරින් කියවල හරිම තේරුම අල්ල ගන්න උත්සහ කරනවා. සුරත් අපෙන් ඉල්ලන්නෙ ට්‍රයි එකක් දීල අතළොස්සෙන් කෙනක් වෙන්න කියල.

    පළායන්න කියවන මාව, වර්තමානයටම නැවත ගෙනල්ල අත ඇරපු කියවීමක්!!

    මානසී ව කියවලම බලන්න ඕන චරිතයක්……..

    1. ” ඇහිපිල්ලමක් අතර වෙලාවෙදි කොච්චර නම් දේ සිද්ද විය හැකිද? ඒක හැප්පිලා මැරෙන්න තරම් වෙලාවක්. ආලයෙන් වෙලෙන්න තරම් වෙලාවක්. දෙකම එකයිනෙ.”

    2. “ලැබුණම ඉතිං ඕනම දෙයකට වෙන්නෙ කුකුළගෙ කරමලේට වෙච්චිදේනේ.”

    3. “ආදරය බෝතල් කර නොවික්කාට ඒකත් එක්තරා මතක්.”

    4. “මම මලක් වෙන්න හැදුවම ඒකට වහන්නෙත් ‘හෝමෝ’ බඹරු.”

    5. “නිශ්ශබ්ද මිනිස්සුන්ට තමයි ඝෝෂාකාරීම මනස් තියෙන්නේ.”

    6. “ශාන්තුවරයොන්ට තියෙන්නේ අතීතයක්. අනාගතයක් තියෙන්නේ පව්කාරයොන්ට. ඉතිං පව්කාරයන්ට ගල් නොගසන්න මම තීරණය කළා.”

    7. “ලෝකෙ ඉන්න එපාම කරපු ගුරුවරයාට කියන නම තමයි ‘අත්දැකීම’. එයා මුලින්ම ප්‍රායෝගික පරීක්ෂණේ තියලා ඊට පස්සෙ තමයි පාඩම කියාදෙන්නෙ.”

    8. “ මිනිස්සු තමන් නොදන්න අනුන්ගේ අත්දැකීම් වලට හිනා තලනවා. හැබැයි උන්ට මගහැරුණු ඒ අත්දැකීම ඒ සමඟම මගහැරෙනවා. ජීවිතේ මගහැරෙනවා. අවුරුදු අසූවක පරම ආයුෂ වළඳා ජීවත් නොවී මැරෙනවා.”

    9. “තමන්ට කියා අරමුණක් නැතිවුණාම තමන් අනුන්ගෙ අරමුණක කොටස්කාරයෝ වෙන එක වළක්වන්න බෑ.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.