තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රත්නපුරේ ළිඳකින් මතුවූ ලොව විශාලතම ආරනූල් මැණික් පොකුර ඇත්ත එකක්

    රත්නපුරේ ළිඳකින් මතුවූ ලොව විශාලතම ආරනූල් මැණික් පොකුර ඇත්ත එකක්

    ‘සෙරන්ඩිපිටි ස්ටෝන්’ ලෙස නම්කරන ලද රත්නපුරයේ නිවසක ළිඳකින් හමුවූ ලොව විශාලතම ආරනූල් මැණික් පොකුර ‘තරු නිල් මැණික් පොකුරක්’ ලෙස ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ආයතනය මගින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

    Gübelin Gem Lab යනු 1923 සිට ක්‍රියාත්මක ලෝකයේ වඩාත්ම කීර්තිමත් සහ ගෞරවනීය මැණික් විද්‍යාගාරවලින් එකකි.

    කුරුවින්ද කුලයට අයත් නිල් ආරනූල් මැණික් ගල් පොකුර කිලෝග්‍රෑම් 510ක් බරැති ය.

    රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ එය තරු නිල් මැණික් පොකුරක් බව ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ඊයේ (7) සවස තහවුරු කළ බව ය.

    මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ කාරක සභා අවස්ථා විවාදයේ පිළිතුරු කතාවේදී අමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රිස්ටි වෙන්දේසියේදී වෙන්දේසි කර එහි උපරිම ප්‍රතිලාභය ලබාගැනීමට පියවර ගන්නා බවයි.

    පෙර පුවත

    ලොව විශාලතම ආරනූල් මැණික් පොකුර රත්නපුරේ ගෙවත්තකින් හමුවෙයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img