තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලාංකිකයාගේ සියල්කොට් ඝාතකයන් අල්ලන්න දුරකතන ඇමතුම් දහස් ගණනක් චෙක් කරලා

    ශ්‍රී ලාංකිකයාගේ සියල්කොට් ඝාතකයන් අල්ලන්න දුරකතන ඇමතුම් දහස් ගණනක් චෙක් කරලා

    පාකිස්ථානයේ සියල්කොට්හි දී අන්තවාදීන්ගේ මැර ප්‍රහාරයකින් මියගිය ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ ජංගම දුරකතන ඇමතුම් දහස් ගණනක් එරට ආරක්ෂක අංශ විසින් දැනටමත් විශ්ලේෂණය කර ඇතැයි වාර්තා වේ.

    අමානුෂික ප්‍රහාරයක් ඇති කරමින් ඊට පිරිස පොළඹවමින් ප්‍රහාරය සිදු කළ ප්‍රධාන සැකකරුවන් 13 දෙනකු සහ ප්‍රහාරයට සමබන්ධ වූ බවට සැකපිට සැකකරුවන් 118 දෙනකු අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ පවසා තිබේ.

    මේ සඳහා එරට පොලිසිය විසින් වැටලීම් 200ක් පමණ මේ දක්වා දියත් කොට ඇත.

    කැමරා 160ක පැය 12ක පමණ DVR පටිගත දර්ශන ද ආරක්ෂක අංශ විමර්ශනයට ලබාගෙන ඇති අතර අධිකරණ වෛද්‍ය විශ්ලේෂණය ද සිදුකරමින් සිටින බවට එඑරට ආරක්ෂක අංශ වාර්තා සඳහන් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img