තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය කළ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අගමැති අවධානයෙන්

    පාකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය කළ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අගමැති අවධානයෙන්

    පාකිස්ථානයේ දී කෲර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන මහතා ඝාතනය කළ අන්තවාදීන් සියලු දෙනාට එරෙහිව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ පිළිබඳ අගමැතිවරයා පළ කළ සටහන මෙසේය.

    “පාකිස්ථානයේ දී ප්‍රියන්ත දියවඩන මහතාට අන්තවාදීන් පිරිසක් එල්ල කළ කුරිරු මාරාන්තික ප්‍රහාරය පිළිබඳ අසා බෙහෙවින් කම්පාවට පත් වුණෙමි.
    ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාට ම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. අගමැති ඉම්රාන් ඛාන් මැතිතුමා මෙම කුරිරු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කැප වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img