තවත්
    මුල් පිටුවදේශීය පුවත්හම්බන්තොට සහරාන්ගේ කඳවුරෙන් අන්තවාදී පුහුණුව ලැබූවෙක් කොටුවේ

    හම්බන්තොට සහරාන්ගේ කඳවුරෙන් අන්තවාදී පුහුණුව ලැබූවෙක් කොටුවේ

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් විසින් හම්බන්තොට සිප්පුකුලමේ පවත්වාගෙන ගිය අන්තවාදී පුහුණු කඳවුරෙන් පුහුණුව ලැබූ තරුණයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මහනුවර හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු 25 වන වියේ පසුවන්නෙකි. 2018 වසරේදී ඔහු එම පුහුණු කදවුරේදී අන්තවාදය සම්බන්ධයෙන් පුහුණුව ලබා ඇති බව හෙළිවී තිබේ.

    සැකකරුව රදවාගෙන විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img