තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාතාල අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

    පාතාල අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

    පොලිස් අත්අඩංගුවේ සිටි පාතාල අපරාධකරුවෙක් ආයුධ පෙන්වීමට ගොස් අද අලුයම කළුතර දියගමදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්ව තිබේ.

    හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැති මෙම අපරාධකරු මාකදුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකි. පොලිස් අත්අඩංගුවේ සිටි මාකදුරේ මධුෂ් අභිරහස් ලෙස මරුමුවට පත්වීමෙන් පසු මෙම අපරාධකරු හරක් කටා නැමැති මධුෂ්ගේ කල්ලියේම සාමාජිකයෙක් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කිට්ටු වී තිබේ.

    පොලීසිය සදහන් කරන්නේ මධුෂ්ගේ සමීපතයෙක් වූ සන්ෂයින් සුද්දා නැමැත්තාට මෑතකදී වැලිගමදී වෙඩි තැබීමට මොහු සම්බන්ධ බවයි. හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය සිදුකර ඇති බව සදහන්ය.

    කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී සොයාගත් පිස්තේලයකින් පොලීසියට වෙඩි තැබීමට උත්සහ දරා ඇති බවත් ඊට පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ලකළ විට ඔහු මරුමුවට පත්ව තිබෙන බවත් පොලීසිය සදහන් කරයි.

    කළුතර කොට්ඨාස අපරාධ විිමර්ශන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද මෙහිදී තුවාල ලබා ඇති බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img