තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවදානම් කඩුගන්නාව පාරට වෙන්න යන දේ

    අවදානම් කඩුගන්නාව පාරට වෙන්න යන දේ

    නායයෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය යථාතත්ත්වයට පත්කොට වෙළෙඳසැල් නැවත ඉදිකිරීමට වහා පියවර ගන්නැයි මහාමාර්ග අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමක දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු පිරිසක් ද පහළ කඩුගන්නාව වෙළෙඳ සංගමය නියෝජනය කරමින් පිරිසක් ද එම රැස්වීමට සහභාගී වී ඇත.

    නායගිය ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමටත් මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටත් මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

    මීට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හඳුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුව තිබේ.

    එම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදුකළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img