තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රොජර් - පියසිරි - වීරකුමාර අත්අඩංගුවට ගන්න වරෙන්තු

    රොජර් – පියසිරි – වීරකුමාර අත්අඩංගුවට ගන්න වරෙන්තු

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රෝජර් සෙනෙවිරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද වරෙන්තු නිකුත් කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක් සදහා පැමිණි 2016 වසරේ පෙබරවාර් 06 වෙනිදා මහජන පීඩාවක් ඇතිවන අයුරින් බෞද්ධාලෝක මාහවත සහ හැවලොක් මාර්ගය අවහිරවන පරිදි විරෝධයක නිරතවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවකට අදාලව ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

    නැවත මෙම නඩුව ලබන වසරේ මාර්තු 07 වෙනිදා කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img