තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සලේගේ අපහාස නඩුව: යස්මින් සූකාට - එංගලන්ත වෙබ් අඩවිකරුවන්ට යළි සිතාසි

    සලේගේ අපහාස නඩුව: යස්මින් සූකාට – එංගලන්ත වෙබ් අඩවිකරුවන්ට යළි සිතාසි

    මානව හිමිකම් නීතිඥවරයකු සහ දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පදනමේ විධායක අධ්‍යක්ෂවරයා ද වන යස්මින් සූකා සහ වෙබ් අඩවි ක්‍රියාකරුවෙක් ඇතුළුව එක්සත් රාජධානියේ වෙසෙන තවත් වගඋත්තරකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට යළි සිතාසි නිකුත් කර තිබේ.

    ඒ, රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් ගොනු කරන ලද සිවිල් අපහාස නඩුවක් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

    විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටින බවට අවධානයට යොමු වූ අවස්ථාවේදී යළි සිතාසි නිකුත් කරන ලෙස අතිරේක දිසා විනිසුරු ඒ.ඩී.චතුරිකා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

    මෙම නඩුවේදී, මේජර් ජෙනරාල් සලේ, ඔහුට එරෙහිව කරන ලද අසත්‍ය, ද්වේෂසහගත, අපහාසාත්මක ප්‍රකාශ වෙනුවෙන් මානව හිමිකම් නීතීඥ සහ ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා සහ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සහ වෙබ් අඩවි ක්‍රියාකරුගෙන් රුපියල් බිලියන 1 ක වන්දි මුදලක් ඉල්ලා සිටී.

    රජයේ වෛද්‍යවරයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අසත්‍ය සාක්‍ෂි ලබා දීමට සහ ඔහුට තර්ජනය කරමින් අත්අඩංගුවේ තබා ගැනීමට බල කළ බවට පැමිණිලිකරුට චෝදනා එල්ල විය.

    දැනට ඇමරිකාවේ සිටින එම වෛද්‍යවරයා චෝදනා කර තිබුණේ පැමිණිලිකරු විසින් කරනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවටය.

    පැමිණිල්ලේ දී සලේ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඔහු දැනට මේජර් ජෙනරාල් නිලය දරණ කීර්තිමත් වෘත්තියක් සහිත (RWP, RSP, USP, NDC, PSC, MDEFS) ලද හමුදා නිලධාරියෙකු බවයි.

    1987 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු තමාට උසස්වීම් කිහිපයක් ලැබී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. මේජර් ජෙනරාල් සලේ ද Covid-19 තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකි.

    පළමු විත්තිකාරිය වන සූකා විසින් තමා එල්ල කරමින් කරන ලද ප්‍රකාශය 2 වැනි විත්තිකරු විසින් ක්‍රියාත්මක කරන වෙබ් අඩවියේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂාවලින් 2020 ජූනි 01 වැනි දින පළ කර ඇති බවට ඔහු පැමිණිලි කරයි.

    එමෙන්ම 2 වන සහ 3 වන විත්තිකරුවන් විසින් අසත්‍ය, ද්වේෂසහගත සහ අපහාසාත්මක ලෙස විස්තර කරන ලද එම ප්‍රකාශයන් වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ කළ බව ඔහු පවසයි.

    මේජර් ජෙනරාල් ඒ අනුව තමාට සිදුවී ඇති අලාභය සම්බන්ධයෙන් රුපියල් බිලියනයක් හෝ ඊට සමාන ඇමරිකානු ඩොලර්වලින් ගෙවන ලෙසට ආයාචනයක් කර තිබේ.

    නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img