තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප ලබන සේවා කාලය වසර 5කින් දිගු කරන්න...

    අයවැය: පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප ලබන සේවා කාලය වසර 5කින් දිගු කරන්න යෝජනා

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා සම්පූර්ණ කළයුතු අඛණ්ඩ වසර ගණන 5කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය යෝජනාවක් කරයි.

    මේ වනවිට ඔහු විසින් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව සඳහන් කළේය.

    ඒ අනුව දැනට වසර 5ක්ව පවතින එම කාලසීමාව වසර 10ක් දක්වා වැඩිකිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.

    මෙය ජනාධිපතිවරයාට ද අදාළ වන පරිදි නීති සංශෝධන සැකසීමට ද යෝජනා කළ බව පවසන බැසිල් අමාත්‍යවරයා විපක්ෂයේ උසුළු විසුළු මධ්‍යයේ සිනාසෙමින් කියාසිටියේ ‘අපේ පක්ෂයේ දෙන්නෙකුටම තමා නැතිවෙන්නේ’ යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img