fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

    එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

    කොළඹ වරාය සීමාවේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සහ එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීමට දෙසැම්බර් මස 01 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම් කැදවනු ලැබීය.

    මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදනීයක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.