තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඩු ගන්න කොන්දේසි පැනවීම නීතිවිරෝධියි

    බඩු ගන්න කොන්දේසි පැනවීම නීතිවිරෝධියි

    සතොස මගින් හාල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බවට පනවා ඇති කොන්දේසිය නීතිවිරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දී තිබේ.

    භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවීමට කිසිසේත් හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා කියාසිටී.

    පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව අදාළ වෙළෙඳ ආයතනයේ එම භාණ්ඩ තොග තමන් සතුව ඇත්නම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට භාණ්ඩ සැපයිය යුතු බව හෙතෙම සඳහන් කළේය.

    එවන් අවස්ථාවක් මතුවුවහොත් පාරිභෝගික අධිකාරියට ඒ බව පැමිණිලි කිරීමේ අවස්ථාව පවතින බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

    එපමණක් නොව එහිදී පාරිභෝගික අධිකාරිය වහාම ඒ ස්ථානයට ගොස් ඒ පිළිබඳ සොයා බලා අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෝ එවැනි ආකාරයට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි සේ අවවාද කර කටයුතු කිරීමේ හැකියාව ද පවතින බව ඔහු සඳහන් කළේය.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත‍‍ා මෙම කොන්දේසිය පැනවීම සම්බන්ධයෙන් පවසා තිබුණේ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතොසෙන් අඩුමිලට විශාල ලෙස සහල් හා සීනි තොග මිලට ගෙන වැඩිමිලට ජනතාවට ලබාදීම වළක්වා, සැබෑ පාරිභෝගිකයා වෙත මෙම භාණ්ඩ අඩුමිලට ලබාගැනීමට හැකිවන පරිදි පසුබිම සකස් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img