තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැසට් 07 ක් අවලංගුකරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

    ගැසට් 07 ක් අවලංගුකරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

    සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල්, ටින් මාළු , බඩ ඉරිගු ,වියලි මිරිස් උම්බලකඩ, බී ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පාලන මිලක් පනවමින් නිකුත්කර තිබුණු ගැසට් නිවේදන 07 ක් අවංගු කරමින් එම භාණ්ඩවලට පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඉකුත් සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද ඒ අනුව අවලංගු කර තිබේ.

    2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද නව ගැසට් පත්‍රය මඟින් අවලංගු වී ඇත.

    බඩ ඉරිඟු සහ කුකුළු මස් සදහා උපරිම සිල්ලර මිලක් නියමකරමින් සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රදෙක ද අවලංගු අවලංගු වී තිබේ.

    ඊට අමතරව 2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත.

    2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

    මෙසේ පාලන මිල ඉවත්කෙරුණු නව ගැසට් පත්‍රය මෙසේය.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img