තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆේස්බුක්හි ස්වයංක්‍රීය මුහුණු හැඳිනීම අක්‍රිය කරයි

    ෆේස්බුක්හි ස්වයංක්‍රීය මුහුණු හැඳිනීම අක්‍රිය කරයි

    ෆේස්බුක් හි Face Recognition පද්ධතිය වසා දමන බව META සමාගම නිවේදනය කරයි.

    ඉදිරි සතිවලදී මෙය අක්‍රිය කෙරෙන බැවින් ස්වයංක්‍රීය හඳුනාගැනීම සඳහා පද්ධතියට ඇතුළත් වී ඇති පුද්ගලයින් තවදුරටත් ඡායාරූප සහ වීඩියෝවල ස්වයංක්‍රීයව හඳුනා නොගනු ඇති බව ද එමගින් දන්වා සිටී.

    එම සමාගම විසින් ෆේස්බුක්හි බිලියනයකට වැඩි පුද්ගලයින්ගේ තනි පුද්ගල මුහුණු හඳුනාගැනීමේ සැකිලි මකාදමන බව සඳහන් කර ඇත.

    කිසියම් ඡායාරූපයක් ‍ෆේස්බුක් වෙත මුදාහැරි පසු එහි ගිණුමක් ඇති අයකුගේ නම් මුහුණ හඳුනාගෙන ස්වයංක්‍රීයව නම් ඉදිරිපත් කරන අයිතමයක් මීට පෙර පැවතිණි. එලෙස ස්වයංක්‍රීයව හඳුනාගන්නා මුහුණු අප විසින් තෝරාගත් පසු අදාළ පුද්ගලයා එම ඡායාරූපයට tag වන ලෙස එය සකසා තිබුණි.

    මේ අනුව ඉදිරි සතිිවලදී මුළුමනින්ම ෆේස්බුක් වෙතින් එය ඉවත්වනු ඇති බව සමාගම නිවේනය කර සිටී.

    “Facebook හි දෛනික සක්‍රීය පරිශීලකයින්ගෙන් තුනෙන් එකකට වඩා අපගේ මුහුණු හඳුනාගැනීමේ සැකසීම තෝරාගෙන ඇත. එය ඉවත් කිරීම බිලියනයකට වැඩි පුද්ගලයින්ගේ තනි පුද්ගල මුහුණු හඳුනාගැනීමේ සැකිලි මැකීමට හේතු වනු ඇත.” මේටා සමාගම කීය.

    මෙම උපාංගයේ මුහුණ හඳුනාගැනීමේ ක්‍රමය අද බහුලව භාවිතා වන්නේ ස්මාර්ට් ෆෝන් අගුළු ඇරීම වැනි පද්ධති සඳහා ය.

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img