fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුරු කොරියාවට පැනවු සම්බාධක ඉවත් කරගන්න චීනය - රුසියාව සැරසෙයි

    උතුරු කොරියාවට පැනවු සම්බාධක ඉවත් කරගන්න චීනය – රුසියාව සැරසෙයි

    චීනය සහ රුසියාව එක්ව උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පනවා ඇති සම්බාදක ඉවත් කරගැනීමට උත්සහ කරමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

    ඒ අනුව උතුරු කොරියාවට මේවන විට පනවා ඇති අපනයන සීමාවන් සහ පෙට්‍රෝලියම් ආනයනය සීමාවන් ලිහිල් කිරීමට චීනය සහ රුසියාව විසින් ආරක්ෂක මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අදාල පුවත් සේවය සඳහන් කරයි.

    රොයිටර් පුවත්සේවය වාර්තා කරන අන්දමට මෙම යෝජනාවලියේ අරමුණ වී ඇත්තේ උතුරු කොරියාවේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමයි.

    චීනය සහ රුසියාව විසින් 2019 වර්ෂයේදීද මෙවැනිම සම්බාදක ලිහිල් කිරීමේ යොජනාවලියක් ඉදිරිපත් කිරීමට සැලසුම් කළ එය සාර්ථක නොවීය. කෙසේ වෙතත් මෙවර යෝජනාවට සාමාජිකයින්ගේ සහයක් හිමිවිය හැකි බවට ජගත් සංවිධානය ආරංචිමාර්ග සනාථ කර ඇති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

    කෙසේ වෙතත් උතුරු කොරියාවට පනවා ඇති සම්බාදක ඉවත් කිරීම පිළිබඳ චීනය සහ රුසියාව අනෙක් රටවල් සමඟ තවමත් සාකච්ඡා කිරීම ආරම්භ කර දින නියමකරගැනීමක් සිදු කර නොමැත.

    චීනයේ සහ රුසියාවේ මෙම යොජනාව සම්මත විමීට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකු ඊට කැමැත්ත පළ කළ යුතු අතර ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බි්‍රතාන්‍ය, රුසියාව හෝ චීනය ඊට විරුද්ධව නිෂේධ බලය භාවිත කිරීමක් සිදු නොකළයුතු වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.