තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඥානසාර හිමිගේ පත්කිරීම ගැන ජනපති-අධිකරණ ඇමතිට කියලා

    ඥානසාර හිමිගේ පත්කිරීම ගැන ජනපති-අධිකරණ ඇමතිට කියලා

    එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයාගේ පත්කිරීම පිළිබඳ, එම පත්කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා අතර සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ එක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පළමු වරට මාධ්‍ය ඇමතීමේ අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් තමාව දැනුවත් නොකළ බව පවසමින් පුවත්පත් ඔස්සේ එම පත්කිරීමට සිය අප්‍රසාදය පළකර තිබූණි.

    මෙහිදී මාධ්‍යවේදියා විමසූ කරුණ වූයේ මෙම පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුක‍ළේ අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමකින් තොරව ද යන්නයි.

    එහිදී කිංග්ස්ලි රත්නායක මහතා කියාසිටියේ, “මගේ අදහසේ හැටියට අධිකරණ අමාත්‍යතුමා ජනාධිපතිතුමා හමු වුණා. හැබැයි මේ සාකච්ඡාවට යොමු කරන මොහොතේ දී එතුමා කරපු ප්‍රකාශයක් උපුටා දැක්වීමක් වෙන්න ඇති මේ කරන්න ඇත්තේ. සතිඅන්තයේ ඉංග්‍රීසි පුවත්පත එම ප්‍රකාශය පළ කරන්නේ ඒ මොහොතේ ප්‍රකාශයක් නොවෙයි. නමුත් ජනාධිපතිතුමා මේ පත් කිරීමෙන් පසුව අධිකරණ අමාත්‍යතුමා මුණගැසුණා. ඒ පිළිබඳ සාකච්ඡා කරා. ඒ පිළිබඳ මාධ්‍යට ප්‍රකාශයක් නියෝජනය වන අවස්ථාවක් අපිට නම් කරලා නෑ. නමුත් ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යතුමා ව ඉන්පසුව මුණගැසුනා කියන එක තමයි මට ප්‍රකාශ කරන්න පුළුවන්.” යනුවෙනි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img