තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වාර ගණනාවක් ප්‍රමාදයි

    දුම්රිය වාර ගණනාවක් ප්‍රමාදයි

    අද දින සිට පළාත් අතර දුම්රිය ධාවනය ආරම්භ වූ නමුත් දුම්රිය වාර ගණනාවක් පැය ගණන් ප්‍රමාද වී ධාවනය වනු දක්නට ලැබිණ.

    ඒ සංඥා පද්ධති දෝෂ ආදිය හේතුවෙනි.

    මේ අනුව අද අලුයම දුම්රිය වාර 20කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ධාවනය වී ඇතැයි වාර්තා වේ.

    අද අලුයම 04.45 ට මහව හන්දිය සිට කොළඹ කොටුව සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියේ සිට මේ දක්වා දුම්රිය ගණනාවක් තවමත් ප්‍රමාද වී ධාවනය වන බවට වාර්තා වෙයි.

    දුම්රියන් දෙකක් අතර සුලු ගැටීමක් ද වාර්තා වී තිබු අතර එමගින් කිසිදු බරපතළ ජීවිත හෝ දේපළ හානියක් වී නැත.

    ධාවනය වීමට පටන් ගත් දුම්රියන් තුළ ද ප්‍රමාද වීම් හේතුවෙන් අධික තදබදයක් සහිතව මගීන් ගමන් ගනු දක්නට ලැබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img