තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොදුරද මඩුලු මහලේකම් - ජනපති හමුවක්

    පොදුරද මඩුලු මහලේකම් – ජනපති හමුවක්

    එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට සහභාගි වීම සඳහා ස්කොට්ලන්තයේ නිල සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ජැනට් ස්කොට්ලන්ඩ් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මෙම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද සහභාගි වී සිටියේය.

    6 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයයීය මහලේකම් ධුරය උසුලන පළමු කාන්තාව ද වන පැට්‍රිෂියා මහත්මිය මෙම සාකච්ඡාව පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ලැබීම ගෞරවයක්. අපගේ රැස්වීමේදී, COVID-19, සෞඛ්‍ය සේවා, හරිත සහ නිල් ආර්ථිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයට ශ්‍රී ලංකාවට ආධාර සැපයිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව අපි සාකච්ඡා කළෙමු.”

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ඊයේ ආරම්භ වූ 26 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ (COP26) අද (1) සහ හෙට (2) ලෝක නායක සමුළුව සඳහා වෙන් කර ඇත.

    සමුළුව තුළදී දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා කිරීමට සහ දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා රටවල් සිය උපාය මාර්ග ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර මෙම සමුළුව නොවැම්බර් 12 දක්වා පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img