fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජගත් සමුළුවට ඩයිනෝසරයෙක් කඩාවදී!

    ජගත් සමුළුවට ඩයිනෝසරයෙක් කඩාවදී!

    වීඩියෝවේ කතාව

    එක්සත් ජාතීන්ගේ ගෝලීය දේශගුණික සමුළුව ආරම්භවීමට සියල්ල සූදානම් ය. නියෝජිතයන් ද ශාලාවේ අසුන්ගෙන සිටි.

    හදිසියේම මහ හඬක්…

    ජගත් සමුළුව පැවැත්වෙන ශාලාවට ප්‍රධාන දොරටුවෙන් අමුත්තකු ඇතුළු වෙයි. ඔහු අනාරාධිතයෙක්..! සියල්ලෝම විස්මයෙන්.

    සියල්ලන්ම ගල් ගැසී බලා සිටින්නේ ඔහු ඊළඟට කුමක් කරාවිද යන්නයි.

    වේදිකාවට යන ඩයිනෝසරයා අනපේක්ෂිත ලෙස සමුළුව ඇමතීම අරඹයි. ඔහු කියන්නේ….. ඔබ හැමදාමත් ඇසූ එහෙත් මෙතෙක් නොදැනුණු ඇඟ කිලිපොලා යන සත්‍යයේ කතාවයි.

    “වඳවීයාම තෝරා නොගන්න” (Don’t Choose Extinction)

    ඒ ෆ්‍රැන්කී ඩයිනෝසරයාගේ පණිවිඩයයි.

    ලෝකය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 423ක් ෆොසිල ඉන්ධන සඳහා වැය කරයි. මෙය දේශගුණික අර්බුදය විසඳීමට දුප්පත් රටවලට උපකාර කිරීම සඳහා ඉල්ලා සිටින මුදල මෙන් හතර ගුණයකි. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පර්යේෂණවලට අනුවය. ලබන 31දා පැවැත්වෙන COP26 ගෝලීය දේශගුණ සමුළුව තුළදී කතාබහ කිරීමට නියමිත වැදගත් කරුණකි. ‍

    දේශගුණික අර්බුදය විසඳීමට ලබාදෙන මෙම සහනාධාර සඳහා සෘජුවම වැය කරන මුදල, ලෝකයේ සෑම පුද්ගලයෙකුටම COVID-19 එන්නත් සඳහා ගෙවිය හැකිය, නැතහොත් ගෝලීය අන්ත දරිද්‍රතාවය තුරන් කිරීමට අවශ්‍ය වාර්ෂික මුදල මෙන් තුන් ගුණයක් ගෙවිය හැකිය.

    දේශගුණික හදිසි අවස්ථා සඳහා ප්‍රධාන දායකත්වය සපයන්නේ බලශක්ති අංශයයි. එය මිනිසා විසින් ඇති කරන හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 73 කට දායක වේ. ෆොසිල ඉන්ධන සහනාධාර, ප්‍රතිසංස්කරණ CO2 විමෝචනය අඩු කිරීමට සහ මානව සෞඛ්‍යයට සහ යහපැවැත්මට ප්‍රතිලාභ ලබා දීමට දායක වන අතර, ඒවා බලශක්තිය නිවැරදිව මිල කිරීම සඳහා වන පළමු පියවරකි. එය සමාජයට සහ පරිසරයට ෆොසිල ඉන්ධන භාවිතා කිරීමේ ‘සැබෑ’ සහ සම්පූර්ණ වියදම පිළිබිඹු කරයි.

    Don’t Choose Extinction ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කාලීන ගැටළු විසඳීමට උපකාර කිරීම සඳහා Global Mindpool නම් සාමූහික බුද්ධි වේදිකාවක් තනන්නකි. දේශගුණික හදිසි අවස්ථා, ස්වභාවධර්මයේ අර්බුද සහ අසමානතාවය පිළිබඳ ලොවම එක තැනකට ගෙනඒමට මෙමගින් උත්සාහ කරයි. Global Mindpool රාජ්‍ය, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශයේ ප්‍රතිපත්ති සම්පාදකයින් වඩාත් හොඳින් දැනුවත් කිරීමට සහ සන්නද්ධ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙත සහාය වේ.

    UNDP හෙවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යනු   දරිද්‍රතාවය, අසමානතාවය සහ දේශගුණික විපර්යාසවලිනන් වන අසාධාරණය  අවසන් කිරීමට සටන් කරන ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. රටවල් 170 ක් පුරා විහිදී සිටින එහි විශේෂඥයින් සහ හවුල්කරුවන් සමඟ වැඩ කරමින්, මිනිසුන් මෙන්ම සමස්ත පෘථිවිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ම ඒකාබද්ධ, කල්පවත්නා විසඳුම් ගොඩනැගීමට එම වැඩසටහන කටයුතු කරයි.

    ජැක් බ්ලැක්ගේ හඬින් United Nations Development Program (UNDP) විසින් ඉහත වීඩියෝව නිෂ්පාදනය කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.