fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝසිගෙ කෙටි කෑම වියදම ලක්ෂ තුන පනී

    රෝසිගෙ කෙටි කෑම වියදම ලක්ෂ තුන පනී

    තම නිල නිවසේ කෙටි කෑම ආදිය වෙනුවෙන් පසුගිය වසර සඳහා රුපියල් ලක්ෂ 3කට අධික මහජන මුදල් අවභාවිත කළේ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට එරෙහිව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

    පසුගිය වසරේ දී ඇය විසින් නිල නිවසට කෙටි කෑම ඇතුළු ආහාර පානාදිය සඳහා ජනතාවගේ මුදලින් රුපියල් 318645ක මුදලක් ඇය වැය කර ඇතැයි හෙළිවී ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වියදම් පිළිබඳව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විසින් ලබා ගත් තොරතුරු වලට අනුවය.

    එම මුදලින් චීස් සඳහා පමණක් රුපියල් 68185ක් වැය කර ඇතැයි ද සඳහන් වේ. රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කර ඇති බවට ද එහිදී අනාවරණය වී තිබේ.

    නාගරික මන්ත්‍රීවරයා විසින් මෙම තොරතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා පොලිසියටත් ඉදිරිපත් කර ඇත.

    මේ සම්බන්ධයෙන් වට්සැප් ඔස්සේ අදහස් ලබා ගැනීමට නිව්ස් වේව් රෝසි සේනානායක මහත්මිය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.