fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලන හා පොලිස් හයියෙන් වැඡඹුණු දෙමටගො ඩ රුවන්ගේ දේපොල රාජසන්තක කිරීමේ මෙහෙයුම්...

    දේශපාලන හා පොලිස් හයියෙන් වැඡඹුණු දෙමටගො ඩ රුවන්ගේ දේපොල රාජසන්තක කිරීමේ මෙහෙයුම් ඇරඹ ේ

    භාරත ලක්ෂමන් ඝාතනට මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නැමැති පාතාල අපරාධකරුගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දේපොල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවස වටලා තිබේ.

    ඒ ඔහු විසින් පසුගිය කාලය තුළ මෙරටට පකිස්තානයේ සිට මත්කුඩු කිලෝ 1000 කට වඩා රැගෙනවිත් බෙදා හැර ඇති බවත් ප්‍රකෝටි ගණනක දේපොල ඔහු හිමිකරගෙන ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් බවටත් කෙරුණු රහස් විමර්ශනයකදී හෙළිවීමත් සමග ඔහු ඒ තුළින්් උපයාගත් දේපොල රාජසන්තක කිරීම සදහාය.

    දෙමටගොඩ වේළුවන පාරේ මාළිගාවක්බදු නිවසක් ඇතුළු රටපුරාම ඔහුට නිවාස හා ඉඩම් මෙන්ම වාහන ඇති බව විමර්ශශනවලින් කරුණු හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. 2000 වසරවන විට ත්‍රී රෝද රථයකින් ගමන්කරමින් සිටි මේ පුද්ගලයා මේ කාලය තුළ ප්‍රකෝටිපතියෙක් වීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී තමා මෙතරම් දියුණු වූයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් සහ අවහන්හලක් පවත්වාගෙන යමින් බව නිලධාරීන්ට සදහන් කරමින් බදු ලිපි ගොනුවක්ද ඉදිරිපත්කර තිබේ. එම බදුගොනුව සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේද සහය ඇතිව කළ පරික්ෂාවේදී හෙළිවී ඇත්තේ එය ව්‍යාජ එකක් බවය.

    දෙමටගොඩ රුවන් නැමැති මෙම සැකකරු සතුව තිබී මේ වන විට සුඛෝපභෝගී මෝටර් රථ 06 ක් සොයාගෙන ඇති අතර ඒ සෑම වාහනයක්ම රුපියල් කෝටියකට දෙකකට අධික වටිනාකමක් ඇති ඒවා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. බෙන්ස්, රේන්ජ් රෝවර්, ප්‍රාඩෝ,වැනි වාහන ඒ ඇති බවත් ඩිපෙන්ඩරයක් පිටපලාතකට ගොස් ඇති බැවින් එය සොයා මෙහෙයමක් දියත්කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

    මෙම පුද්ගලයා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සහ දේශපාලනඥයන් ඉතා සමීපව ඇසුරුකරන බවටද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ඇතැම් පොලිස් ලොක්කන් ඔහුගේ වාහන පරිහරණය කරන බවද හෙළිවී ඇත. දේශපාලනඥයන්ට මැතිවරණ සමයේදී ඔහු විසින් මිලියන ගනන් මුදල් වියදම්කර ඇති බවට චෝදනාවක්ද පසුගිය කාලයේ එල්ලවී තිබුණි. ඒ බවද මේ වන විට හෙළිවෙමින් ඇති බවත් වෙසල් වර්ගයේ මෝටර් රථයක් භික්ෂූන් වහන්සේ නමකටද ලබාදී තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එම මෝටර් රථයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සදහන්ය.

    දෙමටගොඩ රුවන්ගේ නිවසේ ඇති සේප්පුවක් මේ වන විට පොලිස් පරීක්ෂාවට ලක්වෙමින් ඇති අතර බැංකු කිහිපයක ඇතිබව කියන සේප්පු සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කෙරමින් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    නීති විරෝධි සහ අයථා මාර්ගවලින් උපයාගත් මෙම දේපොල සියල්ලක්ම හදුනා ගනිමින් රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මේ සිදුවන්නේ එහි ආරම්භක පියවර බවත් එම නිලධාරිා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.