තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන පොහොර සමාගම දිනයි - මහජන බැංකුව බ්ලැක්ලිස්ට්

    චීන පොහොර සමාගම දිනයි – මහජන බැංකුව බ්ලැක්ලිස්ට්

    ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදුලේඛනගත කළ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය නිවේදනය කර තිබේ.

    මෑතකදී, ශ්‍රී ලංකා මහජන බැංකුව L/C පැහැර හැරීමේ විෂම සිදුවීමක් අත්විඳ ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන ව්‍යවසායන්ට විශාල අලාභයක් සිදු වූ බව එම නිවේදනයේ සඳහන් ය.

    මෙම බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇති බව නිවේදනයේ සඳහන් ය.

    අවදානම් පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි (L/C) පිළිගැනීමෙන් වළකින ලෙසත් එම කාර්යාලය සියලුම චීන ව්‍යවසායන් වෙත සිහිපත් කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img