තවත්
    මුල් පිටුවදේශීය පුවත්රාජ්‍ය බුද්ධි ප්‍රධානියගේ පැමිණිල්ලට සිරිල් ගාමිණී පියතුමන් අද සී.අයි.ඩී. යට කැදවයි

    රාජ්‍ය බුද්ධි ප්‍රධානියගේ පැමිණිල්ලට සිරිල් ගාමිණී පියතුමන් අද සී.අයි.ඩී. යට කැදවයි

    රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලට අනුව සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්ද සදහන් කරයි.

    සිරිල් ගාමිණී පියතුමන් සහ රොහාන් සිල්වා පියතුමන් ඇතුළු කතෝලික පූජකතුමන්ලා විසින් සූම් තාක්ෂණයෙන් පසුගිය 23 වෙනිදා පවත්වන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර වැඩසයහනින් තමා පළිබද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවත් එමගින් සිය ජීවිතයට මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට හානි දායක වන බව සදහන් කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 25 වෙනිදා කළ පැමිණිල්ලට අදාලව මෙම කැදවීම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img