fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෞද්ධ භික්ෂූන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩසටහනක්

    බෞද්ධ භික්ෂූන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩසටහනක්

    බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩසටහනක් කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව බස්නාහිර සහ ඌව පළාත් වල වැඩ වාසය කරන පිරිවෙන් 237ක ඉගෙනුම ලබන තරුණ භික්ෂූන් වහන්සේලා හත්සිය නමකට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම නොවැම්බර් මස පළවෙනිදා ආරම්භ කරන බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා කීය.

    ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන තරුණ භික්ෂුන් වහන්සේලාගේ ඉංග්‍රීසි භාෂා දැනුම අසතුටුදායක මට්ටමක පවතින බැවින් එය ඉහළ දැමීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කළ බව ද තරුණ බෞද්ධ සංගමයේ ලේකම්වරයා කීය.

    භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි දැනුම දැනුම ලබාදීම මගින් බෞද්ධ ධර්මය ඉහළ අවබෝධයට අමතරව ගෝලීය දේශපාලනය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳවද ඉහළ අවබෝධයක් ලබා ගැනීමට අවකාශය ලැබෙන බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම්වරයා පැවසීය.

    තරුණ භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ දෙවන අදියර ලබන වසර මැද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එහිදී දිවයින පුරා වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 4000 කට වැඩි ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවද බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.