තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ බැංකු අධිපතිට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමයි

    මහ බැංකු අධිපතිට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමා තිබේ.

    ඒ අනුව මින් ඉදිරියට මහබැංකු අධිපතිවරයාට රාජ්‍ය උත්සවවලදී කැබිනට් අමාත්‍යවරුන් අසුන් ගන්නා පේලියේ අසුන් පනවන අතර ඔහු ‘ගරු මහ බැංකු අධිපතිතුමා’ ලෙස ආමන්ත්‍රණය කිරීමට නියමිතය.

    රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයා වන අතර අග්‍රාමාත්‍යවරයා දෙවන පුරවැසියා ද කතානායකවරයා තුන්වෙනි පුරවැසියා ද වේ.

    හතරවැනි පුරවැසියා වන්නේ අග්‍ර විනිශ්චකාරවරයා ය. කැබිනට් ඇමතිවරු සහ මින් ඉදිරියට මහ බැංකු අධිපතිවරයා පස් වන ස්ථානයට පත් වේ.

    මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකුගේ තත්වය සනාථ කිරීම නිසා දේශපාලන බලතල හෝ දැනට පවතින බලතලවලට අමතරව කිසිදු වෙනත් ප්‍රසාදයක් හිමි නොවේ.

    1950 ගණන්වලදී ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමාන තත්ත්වයට පත් කර තිබිණ.

    එහෙත් 1962 දී සහ 78 දී ව්‍යවස්ථාවලින් එම තත්ත්වය අහිමි කර තිබිණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img