fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් පාලන ඡන්දය ඕන වෙලාවක තියන්න ලෑස්තියි

    පළාත් පාලන ඡන්දය ඕන වෙලාවක තියන්න ලෑස්තියි

    පළාත් පාලන මැතිවරණය ඕනෑම අවස්ථාවක පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් සුදානම් කර ඇතැයි එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    පළාත් පාලන අයතනවල නිල කාලය ලබන මාර්තු මාසය අවසන් වීමට නියමිත අතර නිල කාලය අවසන් වීමට මාස හයක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබෙන බවද නිමල් පුංචිහේවා මහතා කීය.

    පළාත් පාලන විෂය භාර ඇමතිවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමේ බලය හිමිවන අතර එලෙස කල් නොදමන්නේ නම් ලබන වසරේ අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.

    පළාත් පාලන මැතිවරණය ඉකුත් 2018 වසරේ මාර්තු මස අවසන් වරට පැවැත්විණි.

    පළාත් පාලන ආයතනයක නිල කාලය වසර 4 කි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.