තවත්
    මුල් පිටුවදේශීය පුවත්අතපසු වූ පාඩම් කියා දෙන්න සෙනසුරාදාත් පාස ල් පැවැත්වීමේ සූදානමක්

    අතපසු වූ පාඩම් කියා දෙන්න සෙනසුරාදාත් පාස ල් පැවැත්වීමේ සූදානමක්

    කොවිඩ් නිසා පාසල් වසා දැමීම හේතුවෙන් අතපසු වූ පාඩම් කියා දීමට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමකට හෝ සෙනසුරාදා දිනයේ පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කරනුයේ ඒ් සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවය.

    ඉකුත් වසරේදී දරුවන්ට සියයට 40 ක්ද මෙම වසරේ සියයට 60 ක්ද පාඩම් අතපසුවී ඇති බැවින් අත්‍යවශ්‍යම විෂය කරුණු ආවරණය කිරීමට යම් වැඩපිළිවෙලක අවශ්‍යතාව ඇති බැවින් ඒ් සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වන බව ලේකම්වරයා සදහන් කරයි.

    ඉදිරියේදී පහ ශ්‍රේණියෙන් ඉහළ පන්ති ආරම්භයත් සමග පසුගිය කාලය තුළ අතපසු වූ විෂය කරුණු දින 100 ක් ඇතුළත ආවරණය කිරීමට මේ වන විට සැළසුම් කරමින් ඇතැයිද ලේකම්වරයා කියයි.

    ඒ අනුව ලබන වසරේ මාර්තු මස වන විට අතපසු වූ පාඩම් සියල්ල ආවරණය කිරිමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img