fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වේලක් කුස පුරවගන්න බැටකන ඇෆ්ගන් වැසියන්

    වේලක් කුස පුරවගන්න බැටකන ඇෆ්ගන් වැසියන්

    තලේබාන් පාලනයට නතුවී ඇති ඇෆ්ගනිස්ථානය මේවන විට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති අතර බොහොමයක් එරට වැසියන් ආහාර මිලදී ගැනීම සඳහා සිය දේපල විකිණීමට පවා පෙළෙඹ ඇති බව වාර්තාවේ.

    ඒ අනුව මෙම වසර අවසානය වන විට ඇෆ්ගනිස්ථානය තුල දරුණු සාගත තත්ත්වයක් ඇතිවිය හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසහටනය අනතුරු අඟවා තිබේ.

    ලෝක ආහාර වැඩසටහනට අනුව ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් අඩකටත් වඩා එනම් වැසියන් මිලියන 22.8 පමණ උග්‍ර ආහාර හිඟයකින් පෙළෙයි. මේ අතර වයස අවුරුදු 5ට අඩු දරුවන් මිලියන 3.2ක් දරුණු මන්දපොෂණයෙන් පෙළන බවද ලෝක අහාර වැඩසටහන පෙන්වා දෙයි.

    ඉකුත් අගෝස්තුවේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානයට අතට පත්වීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල් ලබාදුන් බොහොමයක් සහනාධාර අත්හිටුවීමට පියවර ගනු ලැබීය.

    ඒ අනුව සිය දළ දේශීය නිෂ්පාදතියෙන් සියයට හතලිහක ප්‍රතිශතයක් විදෙස් සනාධාර මත යැපුණු ඇෆ්ගනිස්තානය මේවන විට දරුණු ආර්ථික අවපාතයකටද මුහුණ දෙමින් සිටයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස බොහොමයක් රාජ්‍ය සේවකයින්ට මාස ගණනකින් සිය වැටුප් ලැබී නොමැති අතර තවත් විශාල තමන් සතු දේපල විකුණනමින් ආහාර මිලදී ගැනීමට පෙළෙඹ තිබේ.

    පවතින තත්ත්වය ඉදිරියේදී තවත් දරුණු අතට පත්වීමට බොහොවිට ඉඩ පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.