fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ - ගාල්ලේ සිට කොළඹටත්...

    ගමන්වාර 60 ක් අද දුම්රිය ධාවනය කෙරේ – ගාල්ලේ සිට කොළඹටත් දුම්රිය ධාවනයට පියවර

    දුම්රිය ගමන්වාර 60 ක් අද උදෑසන ධාවනය කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

    ගාල්ලේ සිටද අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය.

    අද දුම්රිය ධාවනයේදී මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ බවත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලැබුණු බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.