fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාස ගණනක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ

    මාස ගණනක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ

    මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට මාස ගණනාවක සිට ශල්‍ය වෛද්‍යවරයකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

    මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ මේ වන විට වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 42 දෙනෙකු පමණක් සේවය කරන බවද එම සංගමය කියයි.

    ශල්‍ය වෛද්‍යවරයකු නොමැතිවීම නිසා එම දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ ගැටලු මතුව තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    ඉදිරි සති දෙකක කාලයක් තුළ ගැටලුව විසඳීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වුවහොත් මුලතිව් රෝහලේ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.