fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නැනෝ නයිට්‍රජන් දියර පොහොරවලින් අස්වැන්න වැඩි කරගන්න බෑ"- සරසවි ආචාර්යවරු

    “නැනෝ නයිට්‍රජන් දියර පොහොරවලින් අස්වැන්න වැඩි කරගන්න බෑ”- සරසවි ආචාර්යවරු

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩිකර ගැනීමේ අපේක්ෂාව ඉටු කරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන අපේක්ෂාවන් ඉටු කර ගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

    දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පීඨවල සහ තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව සිදුකළ විද්‍යාත්මක සොයා බැලීමේදී ඒ බව අනාවරණය වූ බව ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

    යූරියාවලට වඩා මිල අධික නැනෝ නයිට්‍රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බවට ශාකයක නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින් සැපිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද එම සමිති සම්මේලනය සඳහන් කරයි.

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාකයක පත්‍ර මතට ඉසින බැවින් ඒ සඳහා නවීන ඩ්‍රෝන් තාක්ෂණය යොදා නොගෙන විශාල වපසරියකින් යුත් කෘෂි ක්ෂේත්‍රවලට සහ වඩා උසකින් යුත් බඩඉරිඟු හා උක් වැනි ගස්වල පත්‍රවලට දියර පොහොර යෙදිය නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම දියර පොහොර යූරියා පොහොරවලට වඩා මිල අධික හෙයින් ගොවීන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද මෙම පොහොර භාවිතයෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකි බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.