fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේදී අගමැතිගෙන් ප්‍රශ්න අහන්න මන්ත්‍රීවරුන්ට දිනයක්

    මැතිසබේදී අගමැතිගෙන් ප්‍රශ්න අහන්න මන්ත්‍රීවරුන්ට දිනයක්

    ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා නොවැම්බර් මස 10 වැනි දා අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එදින ප්‍රශ්න දෙක බැගින් විමසා අගමැතිවරයාගේ විමසා පිළිතුරු ලබා ගත හැකි බව ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

    තවද නොවැම්බර් මස 8 වැනි දින විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර තිබේ.

    වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම නිසා ආණ්ඩුවෙන් විමසීමට මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ප්‍රශ්න පනහකට මෙමගින් පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව හිමි වන බවද සභානායකවරයා කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.