fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅවුරුදු 20ට වැඩි අයගෙන් 87%ක් එන්නත් අරන් අවසන්

    අවුරුදු 20ට වැඩි අයගෙන් 87%ක් එන්නත් අරන් අවසන්

    මෙරට අවුරුදු 20ට වැඩි ඇස්තමේන්තුගත ජනගහණයෙන් පළමු මාත්‍රාව 100% ඉක්මවා සහ දෙවන මාත්‍රාව 87.5% ඉක්මවා ලබාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    මේ වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් 70%කට පළමු මාත්‍රාව ලබාදී අවසන්ව ඇත.

    ඉන් දෙවන මාත්‍රාව 12,783,535 ක් සදහා ලබාදී ඇතැයිද හේමන්ත හේරත් මහතා කීය.

    මේ මොහොතේ බලාපොරොත්තු වුණු වේගයට වඩා අඩු වේගයකින් තරුණ ප්‍රජාව එන්නත් ලබාගන්නා බව සදහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබදව අවධානය යොමු කර වැඩි වැඩියෙන් තරුණ ප්‍රජාව එන්නත්කරණය සදහා යොමු කරගැනීමට හැකි වන්නේ නම් වැදගත් බවයි.

    මේ පිළිබදව ඇති දුර්මත සහ අනෙකුත් දේවල් පිළිබදව නොතකමින් ලබාගත හැකි ළගම ස්ථානයකින් එන්නත ලබාගැනීම වැදගත් වන බවද එසේ නොවුණහොත් ඉදිරියේදී සංචරණ සීමා ඉවත් කිරීමත් සමග යම් ආකාරයකට රෝගය වැඩි වීමක් සිදුවුවහොත් තමන්ගේ නිවෙස් වල සිටින ආදරණීයයන් හටද එන්නත ලබා නොගත් තරුණ පිරිස් මගින් රෝගය ගෙනයා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

    මෙම කරුණු පිළිබදව අවධානය යොමු කර සියලුදෙනා එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.