fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝදිට නාමල් දුන්න දේ

    මෝදිට නාමල් දුන්න දේ

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත, එරට අතිපූජනීය ලෙස සළකන භගවත් ගීතාවේ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ අනුවාදයේ පළමු පිටපත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රදානය කර තිබේ.

    ඒ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම වෙනුවෙන් පළමු ජාත්‍යන්තර ගුවන් යානයෙන් සියක් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දූත පිරිස සමඟ එහි ගිය අමාත්‍යවරයා එම උත්සවයෙන් පසු එරට අගමැතිවරයා හමුවී කළ සුහද සාකච්ඡාවේදී ය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා විවිධ අංශ ඔස්සේ ශක්තිමත් වෙමින් පවතින අතර එය ජාතීන් දෙකේම ජනතාවට යහපත් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී විශ්වාසය පළ කර තිබේ.

    “නාමල් රාජපක්ෂ, කුෂිනගර්හිදී ඔබව හමුවීම සතුටට කරුණක්. විවිධ අංශ ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වෙමින් පවතී. මෙය අපේ රටේ ජනතාවට යහපතක් සිදු කරයි” යනුවෙන් අගමැති මෝදි සිය ස්තූතිය පුදකරමින් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.