තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPඅජේ දේව්ගන්ගේ 'තෑන්ක් ගොඩ්' චිත්‍රපටයෙන් එන මැණිකේ..

    අජේ දේව්ගන්ගේ ‘තෑන්ක් ගොඩ්’ චිත්‍රපටයෙන් එන මැණිකේ..

    ලොව පුරා අතිශය ජයප්‍රිය වූ සිංහල ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ..’ ගීතයෙහි හින්දි අනුවාදය අජේ දේව්ගන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟපාන ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ඔස්සේ තිරගත වීමට නියමිතය.

    ‘මැණිකේ’ ගීතය යොහානිගේ cover song ගායනයෙන් අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වූ අතර එය චමත් සංගීත් විසින් රචනා කරන ලද සතීශාන් රත්නායක විසින් 2020 ගායනය කරන ලද්දකි.

    ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට අනුව, ගීතයේ විශේෂ හින්දි අනුවාදය තනිෂ්ක් බැග්චි විසින් රචනා කරන අතර එහි පද රචකයා රශ්මි විරාග් ය.

    චිත්‍රපටයේ් අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර් සමඟ යොහානි

    මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඉන්ද්‍ර කුමාර් විසින් වන අතර නිෂ්පාදනය භූෂාන් කුමාර් විසිනි.

    යොහානි පැවසුවේ තමාට ඉන්දියාවෙන් අතිමහත් ආදරයක් සහ සහයෝගයක් ලැබී ඇති බවත් නව හින්දි අනුවාදය එනතෙක් බලා සිටින බවත් ය.

    ‘මැණිකේ මගේ හිතේ’ හි හින්දි ගීතය රසිකයින්ගේ සිත් ඇද බැඳ තබා ගත හැකි ගීතයක් වනු ඇතැයි භූෂාන් කුමාර් පැවසීය.

    ‘අපි සැම විටම සංගීත ප්‍රවණතාවල ඉදිරියෙන්ම සිටිමු. මෙය සියලුම ඉන්දීය රසිකයින්ගේ සිත් ඇදගන්නා සුළු ගීතයක් වනු ඇති. ‘තෑන්ක් ‍ගොඩ්’ යනු සියළුම ප්‍රේක්‍ෂකයින්ට එකට එකතු වී නැරඹිය හැකි විශේෂ පවුලේ විනෝදාස්වාදය ගෙනෙන චිත්‍රපටයක් වන අතර, එය ඉක්මනින්ම තිරගත කරන්නට අපි බලා සිටිමු’ යැයි නිෂ්පාදකයා පැවසීය.

    මෙම අනුවාදය ගැන අපි සියලු දෙනාම ඉතා උනන්දුවෙන් සිටින අතර, රූගත කිරීම් ළඟදීම ආරම්භ කරමු.

    ‘තෑන්ක් ගොඩ්’ යනු අද්විතීය ජීවන ප්‍රහසන සිනමාපටයක් වන අතර ලබන වසරේදී එය ප්‍රේක්‍ෂකයින්ට ලබා දීමට තමා සහ මගේ මුළු කණ්ඩායමම බලා පොරොත්තු වන බව නිෂ්පාදකයා පැවසීය.

    ටී-සීරීස් ෆිල්ම්ස් සහ මරුටි ඉන්ටර්නැෂනල් නිෂ්පාදනයක් වන ‘තෑන්ක් ගෝඩ්’ හි රකුල් ප්‍රීත් සිං ද රංගනයෙන් දායක වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img