තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවාස මිලත් 17%කින් ඉහල ගිහින්

    නිවාස මිලත් 17%කින් ඉහල ගිහින්

    ශ්‍රී ලංකාවේ නිවාස මිල මේ වසරේ පළමු කාර්තුවේදී 15.93% කින් ඉහළ ගොස් තිබේ. මේ වසරේ දෙවන කාර්තුවේදී නිවාස මිල ඉහත මිලෙනුත් 2.02% වැඩි වී තිබේ.

    ගෝලීය දේපළ මාර්ගෝපදේශනයේ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ ලොව වේගයෙන් නිවාස මිල ඉහළ යන වෙළ‍ෙඳපොලක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවයි.

    මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් නැගීමට සාපේක්ෂව නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දුර්වල තත්ත්වයක් පැවතීම ද මෙයට එක් හේතුවක් ලෙස එම සමීක්ෂකයෝ පෙන්වා දී ඇත.

    පසුගිය වසරේදී මෙරට නිවාස මිල 1.44% පහත වැටී තිබුණි. එහෙත් ඊට හාත්පසින්ම වෙනස්ව, 2021 පළමු කාර්තුවේදී රට පුරා නිවාස මිල 15.93% කින් ඉහළ ගොස් ඇත.

    දැනට ප්‍රකාශයට පත්වී ඇති බොහෝ ගෝලීය නිවාස සංඛ්‍යාලේඛනවලට අනුව ලෝක නිවාස වෙළඳපොලේ 57 න් 43 කම සැබෑ නිවාස මිල (උද්ධමනය සඳහා ගැලපුම් කළ මිල) ඉහළ ගොස් තිබේ. රටවල් 50 ක නිවාස මිල ඉතාම ඉහළ යමින් පවතින අතර රටවල් 7 ක නිවාස මිල පහත වැටී ඇත.

    නවසීලන්තය, ශ්‍රී ලංකාව, චීනය, දකුණු කොරියාව, තායිවානය සහ ජපානය යන රටවල නිවාස වෙළඳපොළවල කැපී පෙනෙන වෙනස්කම් දක්වා තිබෙබ්.

    ආසියා පැසිෆික් කලාපයේ නිවාස වෙලඳපොලවල් තුළ මිල ඉහළයාම් තවදුරටත් වේගවත් වෙමින් පවතී.

    එමෙන්ම කොවිඩ් සමයේදී මෙරට නිවාස ඉල්ලුම නගර සීමාවෙන් ඔබ්බට ගොස් ගමට ගොස් ඇති බව ද එහි සඳහන් ය. එහි ප්‍රතිඵලයක් ලෙස අගනුවර වූ කොළඹ නිවෙස් මිල ඉහළ යාම තරමක් සාධාරණ බවක් පෙනී යන නමුත් ග්‍රාමීය නිවාස මිිල ඉහළ යාම් ඉතාම ඉහළ අගයක් පෙන්නුම් කරන බව ද එම වාර්තාවේ සඳහන් ය.

    2021 පළමු කාර්තුව දක්වා කාලය තුළ ගෝලීය නිවාස මිල සමීක්‍ෂණයේ ශක්තිමත්ම නිවාස වෙළඳපොලට ශ්‍රී ලංකාව (+15.93%) ද ඇතුළත් වී තිබේ.

    එමෙන්ම මොන්ටිනිග්‍රෝ (+28.7%), පුවර්ටෝ රිකෝ (+23.68%), ඊජිප්තුව (+22.61%), නවසීලන්තය (+22.39%) සහ උද්ධමනය ගැලපුම් සංඛ්‍යා උපයෝගී කරගනිමින් නිවාස මිල මෙලෙස ඉහළ ගොස් ශක්තිමත්ම නිවාස වෙළඳපොල ලැයිස්තුවට ඇතුළත් වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img