තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අශ්ලීල ප්‍රකාශ තහනම්‌ කිරීමත් එක්ක දණ්ඩ නීතියත් වෙනස් වෙයි

    අශ්ලීල ප්‍රකාශ තහනම්‌ කිරීමත් එක්ක දණ්ඩ නීතියත් වෙනස් වෙයි

    අශ්ලීල ප්‍රකාශ තහනම්‌ කිරීමේ නව නීතිය හඳුන්වා දීමට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සංශෝධනයට පියවර ගෙන තිබේ.

    ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ එන 285, 286 සහ 289අ වගන්තීන්‌ පරිච්ඡින්න කිරීම සඳහා නීති කෙටුම්පකන්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරන ලද පනක්‌ කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත.

    එකී පනක්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන්‌ අනතුරුව පාර්ලිමේන්තූවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත්‌ කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින්‌ ඊයේ අනුමත කරන ලදී.

    අශ්ලීල ප්‍රකාශ තහනම්‌ කිරීමේ පනත්‌ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීම සඳහා පසුගිය 05 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img